ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු සුබසාධක සංගමය සංවිධානය කරන "වරිතේ හොරු අරං" නාට්‍ය දැක්ම ඌව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලබන, ප්‍රවීණ නාට්‍යවේදී රවීන්ද්‍ර ආරියරත්නගේ විශිෂ්ට වේදිකා නාට්‍ය නිර්මාණයක් වන "වරිතේ හොරු අරං" වේදිකා නාට්‍යය සයිමන් පීරිස් ශාලාවේදී අද දින වේදිකාගත කෙරේ. මෙම නාට්‍ය දැක්ම පස්වරු 3.30 සහ පස්වරු 6.30 යන වේලාවන්හිදී දර්ශන වාර දෙකකින් පැවැත්වීමට නියමිත අතර, උසස් රසවින්දනයක් අපේක්ෂා කරන සියලුම නාට්‍ය ලෝලීන්ට මේ සඳහා එක්වන ලෙස සුබසාධක සංගමය ගෞරවයෙන් ආරාධනා කර සිටියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා 071 620 39 27 හෝ 071 815 40 02 යන දුරකථන අංක අමතන්න.